Saturday, May 11, 2024

General line - 0115112241

චීන ප්‍රබලයෙකු රුසියාවට




චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ, රුසියාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේනය සමඟ සාම සාකච්ඡාවක් සඳහා රුසියාව කැඳවාගෙන යාමේ අරමුණින් මෙලෙස චීන විදේශ අමාත්‍යවරයා මොස්කව් වෙත පැමිණ ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීම සඳහා චීන ජනාධිපති  ෂි ජින් පින්, මොස්කව් වෙතද යාමට සූදානම් වන බවටයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ. එම සාකච්ඡා සඳහා පසුබිම සැකසීමද චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම රුසියානු සංචාරයේ එක් අරමුණක් වනවා.

රුසියාව, ජර්මනියට එරෙහිව ලද දෙවන ලෝක සංග්‍රාමයේ ජයග්‍රහණය සමරනු ලබන එළඹෙන අප්‍රේල් මාසයේදී හෝ මැයි මස මුලදී චීන ජනාධිපතිවරයාගේ එම රුසියානු සංචාරය සිදුවිය හැකි බවයි මේ වන විට වාර්තා වන්නේ.

මේ වන විට යුක්‍රේනය සහ රුසියාව අතර යුද ගැටුම් පවතිනවා. එවන් පසුබිමක් තුළ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත්දා හදිසියේ යුක්‍රේනය වෙත පැමිණියා. මෙවන් පසුබිමක් තුළ මෙලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ හදිසියේ රුසියාවට පැමිණීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.