Sunday, May 12, 2024

General line - 0115112241

රුසියාවට පහරදීමට සැලසුම් නොකරන බව අමෙරිකාව කියයි




බටහිර රටවල් රුසියාවට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සැලසුම් කරමින් සිටින බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශයට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ සිය පෝලන්ත සංචාරය අතරතුරදීයි.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ පුටින් පවසන පරිදි බටහිර රටවල් රුසියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් නොකරන බවයි.

එබැවින් රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පදනම් විරහිත බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ.
සිය අසල්වැසියන් සමඟ සාමයෙන් ජීවත් වීමට කැමති මිලියන ගණනක් වන රුසියානුවන් කිසිසේත් සතුරන් නොවන බව ද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පෝල්න්තයේ වෝසෝ නුවරදී අවධාරණය කළා.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ආරම්භ කර හෙටට වසරක් සම්පූර්ණ වනවා. එවන් පසුබිමක් තුළයි අමෙරිකාව සහ රුසියාව අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවත් උත්සන්න වී ඇත්තේ. ඒ සඳහා අමෙරිකානු ජනාධිපතිවරයාගේ යුක්රේන සංචාරය දැඩි බලපෑමක් එල්ල කළ බව ජාත්‍යන්තර විචාරකයන් පවසනවා.