Sunday, May 12, 2024

General line - 0115112241

ඉන්දියාවට ප්‍රබල භූමිකම්පාවක් ඇතිවීමේ අවදානමක්




නුදුරු අනාගතයේ දී ඉන්දියාවේ, උත්තරාකාන්ද් ප්‍රාන්තයේ විශාල පරිමාණයේ භූමිකම්පාවක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

හයිද්‍රාබාද්හි පිහිටි ජාතික භූ භෞතික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය එන් පූර්ණචන්ද්‍ර රාඕ විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා.

ඉන්දියානු භූ තැටි චලනය වන අතර එය සෑම වසරකම සෙන්ටිමීටර පහක් පමණ චලනය වේ.  

මේ හේතුවෙන් හිමාලය ආසන්නයේ ඇතිවන පිඩනය මගින් විශාල භූමිකම්පාවක් ඇති විය හැකි බවයි ආචාර්ය එන් පූර්ණචන්ද්‍ර රාඕ උපකල්පනය කර ඇත්තේ.

" පෘථිවි පෘෂ්ඨය නිරන්තරයෙන් චලනය වන විවිධ භූතැටි වලින් සමන්විත වේ. ඉන්දියානු භූ තැටිය  වසරකට සෙන්ටිමීටර 5 ක් පමණ චලනය වන අතර, හිමාලය ප්‍රදේශයේදී එමගින් ඇතිවන පීඩනය හේතුවෙන් විශාල භූමිකම්පාවක් ඇතිවීමේ හැකියාව වැඩි" යැයි ආචාර්ය එන් පූර්ණචන්ද්‍ර රාඕ ANI පුවත් සේවය සමග පවසා සිටියේ.

"හිමාචල් සහ නේපාලයේ බටහිර ප්‍රදේශය අතර ඇති භූ කම්පන පරතරය ලෙස හඳුන්වන ප්‍රදේශය උත්තරකාන්ද් ඇතුළු ඕනෑම වේලාවක භූමිකම්පාවලට ගොදුරු විය හැකි"  ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

භූ චලනයන් නිරීක්ෂණය කිරීම සඳහා උත්තරකාන්ද් ප්‍රදේශය භූ කම්පන මධ්‍යස්ථාන 18 ක ශක්තිමත් ජාලයකින් සමන්විත බවයි ඔහු සඳහන් කළේ.

මෙම භයානක අනාවැකිය පැමිණෙන්නේ තුර්කියේ සහ සිරියාවේ රික්ටර් පරිමාණයේ 7.8 ක දැවැන්ත භූමිකම්පාවකින් පසුව වන අතර එය මේ දක්වා පුද්ගලයින් 45,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇත.

මිට සති දෙකකට පමණ ඉහතදී තුර්කියේ සහ සිරියාවේ සිදුවූ මැග්නිටියුඩ් 7.8 ක භූමිකම්පාවට පෙර, ලන්දේසි පර්යේෂකයෙකු වන ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් විසින් දින කිහිපයකට පෙර එම භූමිකම්පාව පිලිබඳව ගැන පුරෝකථනය කර තිබුණා.