Saturday, May 11, 2024

General line - 0115112241

ජපාන වෙරළකින් හමුවූ අද්භූත වස්තුවක් ගැන ලෝකයේම අවදානය




ජපාන වෙරළේ තිබී සොයාගත් දැවැන්ත නාදුනන වස්තුවක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහක් මතුව තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ එම නාදුනන වස්තුව කුමක්දැයි බලධාරීන්ට මෙතෙක් ප්‍රකාශ කිරීමට නොහැකි වීමයි. කෙසේවෙතත් මූලික පරීක්ෂණවලදී අනාවරණවී ඇත්තේ එමඟින් කිසිදු තර්ජනයක් නොමැති බවයි.

වෙරළබඩ ප්‍රදේශයේ ජීවත් වන ජනතාව පළමුව දැක ඇති මෙම නාදුනන වස්තුවට “ගොඩ්සිලා” බිත්තරය, අභ්‍යවකාශ වස්තුව වැනි විවිධ නම් යොදා ගනිමින් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද ඉහළ ප්‍රසිද්දියක් ලැබී තිබෙනවා.

අඩි පහකට ආසන්න පළලින් යුත් ලෝහ ගෝලයක් ලෙසf මය දිස්වුවද එහි ඇති අසාමාන්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම දැවැන්ත ගෝලය එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ දැරුව ද එයද සාර්ථක වී නැහැ. 

මෙම නාදුනන වස්තුව පිළිබඳ කතාබහක් මතුව ඇත්තේ අමෙරිකාව විසින් බිඳ හෙළු චීන ඔත්තු බැලුනය පදනම් කරගනිමින් නාදුනන වස්තූන් පිළිබඳ දැඩි උනන්දුවක් මතුව ඇති පසුබිමකයි.