Saturday, May 11, 2024

General line - 0115112241

රුසියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාවක් සම්මත කර ගනියි




රුසියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. ඒ, රුසියාවේ - යුක්‍රේන ආක්‍රමණය හෙළා දකිමින්.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට මෙවැනි යෝජනාවක් සම්මත කර ගැනීමට රුසියාව විසින් යුක්‍රේණය ආක්‍රමණය කර වසරකට ආසන්න කාලයක් ගතවීම කැපී පෙනෙන තත්ත්වයක්.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාවට පක්ෂව රටවල් 141 ක් සිය සහය ලබාදී ඇති අතර රුසියාව වෙනුවෙන් පෙනී සිට ඇත්තේ රටවල් 7 ක් පමණයි. තවත් රටවල් 32 ක් ඡන්දය දීමෙන් වැළකී තිබෙනවා. ඔවුන් අවධාරණය කරන්නේ යුක්‍රේණයෙන් රුසියානු හමුදා සාමාජිකයින් ඉවත් කරගන්නා ලෙසයි.