Sunday, May 12, 2024

General line - 0115112241

අතවර කිරීමට පැමිණි පුද්ගලයාගේ දිවේ කොටසක් සපා කඩාගෙන පොලිසියට භාරදෙයි 




තමන්ට අතවර කිරීමට උත්සහ දැරූ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා ඔහුගේ දිවේ කොටසක් සපා කඩා ගත් කාන්තාවක් පිලිබඳ පුවතක් වාර්තා වනවා.

57 හැවිරිදි මෙම බ්‍රිතාන්‍ය කාන්තාව ඉකුත් පෙබරවාරි මස 19 වෙනිදා අලුයම් කාලයේ නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයා සමග මාර්ගයේ ඇවිදිමින් සිටියදී මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දී තිබෙනවා.

තමා මාර්ගයේ ගමන් කරමින් සිටියදී එකවර පැමිණි තමන්ව බදාගෙන සිප වැළද ගත් බවත් ඔහු අසිහියෙන් මෙන් හැසිරෙමින් තමාගේ ඇඳුම් ඉවත් කිරීමට උත්සහ දැරූ බවයි එම කාන්තාව සඳහන් කර සිටින්නේ.

තමාව සිප ගනිමින් සිටි පුද්ගලයාගේ දිව සියදත් වලින් තදින් සැපු විට එයින් කොටසක් කැඩී ආ බවත් පසුව ඔහු තමා අත්හැර දිව ගිය බවයි එම කාන්තාව පවසා ඇත්තේ.

පසුව තමන් නිවසට පැමිණ සිය පුත්‍රයාට දැනුම් දුන් බවත් පසුව අතවර කිරීමට පැමිණි පුද්ගලයාගේ දිවෙන් කඩා ගත් කොටස පොලිසිට බාරදී සිදුවීම ගැන පැමිණිලි කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බ්‍රිතාන්‍යය පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරු අත්ඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ටියුනිසියානු ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ.