Saturday, May 11, 2024

General line - 0115112241

ජපානයට සහ පැපුවා නිව්ගිනියාවට භූ කම්පන 02 ක්




ජපානයේ හොකයිදෝ දූපත ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ භූ කම්පනයක් සිදුවුණා. විදෙස් මාධ්‍ය පැවසුවේ එරට වේලාවෙන් රාත්‍රී 10 යි 27 ට පමණ එම භූ කම්පනය සිදුව ඇති බවයි.

භූ කම්පනයේ ප්‍රභලත්වය වාර්තා වුණේ මැග්නිටියුඩ් ඒකක 6 යි දශම 1 ක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරීමට ජපාන බලධාරීන් කටයුතු කර තිබුණේ නැහැ. 

මේ අතර පැපුවා නිව්ගිනියාව ආශ්‍රිතව ද ඊයේ රාත්‍රියේ මැග්නිටියුඩ් ඒකක 6 යි දශම 2 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එරට වේලාවෙන් රාත්‍රී 09 යි 25 ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් මෙම භූ කම්පනවලින් ජීවිත හානි හෝ දේපළ හානි සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.