Saturday, May 11, 2024

General line - 0115112241

යුක්රේන යුද්ධය නැවැත්වීමට ප්‍රංශයත් චීනය සමග එක්වෙයි




යුක්රේන යුද්ධය නිමා කිරීම සඳහා චීනය ගෙන ආ යෝජනාවට සහය ලබාදීමට ප්‍රංශය ද එක්ව සිටිනවා. ඒ අනුව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් චීනයේ සංචාරයකට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් ලබන අප්‍රේල් මාසයේදී චීනයට පැමිණීමට නියමිත බව ද එහිදී චීන ජනාධිපති සී ජින්පින් සමග සාකච්ඡා පවත්වනු ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

යුක්රේන යුද්ධයට ඉකුත් 24 වනදාට වසරක් සම්පූර්ණ වූ අතර ඒ වෙනුවෙන් චීනය යුක්රේනය හා රුසියාව සාම සාකච්ඡාවකට ගෙන ඒමට සූදානම් වනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ යුක්රේනය සහ රුසියාව මේනවිට ඒ සඳහා එකග වී ඇති බවයි. ඒ වෙනුවෙන් චීන ජනාධිපතිවරයා හමුවීමට සූදානම් බවයි යුක්රේන ජනාධිපතිවරයා පැවසුවේ.