Tuesday, May 7, 2024

General line - 0115112241

අමෙරිකාවේ ආධාර ලබන චීනයේ මිතුරු රටවලට රතුඑළියක්




චීනය යනු අමෙරිකාව මෙතෙක් මුහුණ දුන් ශක්තිමත්ම සහ විනයගරුක සතුරා බව රිපබ්ලිකන් ජනාධිපති ධූර අපේක්ෂිකා නිකී හේලි පවසනවා. අමෙරිකානුවන් අහස දෙස නෙත් යොමා චීන ඔත්තු බැලූනයක් දෙස බලනු ඇතැයි තමන් කිසිදින නොසිතූ බව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පාලක ඩිමොක්‍රටික් පක්ෂයට දොස් නගමින් ඇය සඳහන් කළා.

එමෙන්ම චීනයේ සහ රුසියාවේ හිතමිතුරු රටවලට ලබාදෙන ආධාර අමෙරිකාව කපා හැරිය යුතු බව ද ඇය සඳහන් කර තිබෙනවා. අමෙරිකාවට වෛර කරන රටවල් වෙනුවෙන් අමෙරිකානුවන් දුක් මහන්සියෙන් උපයන මුදල් ලබානොදිය යුතු බවයි ඇය පවසන්නේ.

තමන් අමෙරිකාවේ බලයට පත්වුවහොත් එවැනි රටවලට කිසිදු ආධාරයක් ලබා නොදෙන බව ද ඇය අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2024 අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින නිකී හේලි යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිවරියයි. ඇය ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානු කාන්තාවක්.