Tuesday, May 7, 2024

General line - 0115112241

චීනයේ පාර්ලිමේන්තු සැසිය ඇරඹෙයි




චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය අද ආරම්භ වුණා. ඒ, බීජිං නුවර ග්‍රේට්හෝල් හිදීයි. ජනාධිපති සී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් සැසිවාරය පැවැත්වෙනවා. එය ආරම්භ කළේ චීනයේ අග්‍රාමාත්‍ය ලී කේ ක්වෑන් විසින්.

මෙවර ජාතික මහජන කොංග්‍රසයයේ වාර්ෂික සැසිවාරය චීනයේ දේශපාලන ක්ෂේත්‍රයට අතිශය වැදගත් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඊට හේතුව වන්නේ සී ජින්පින්ගේ 03 වන ධූර කාලය තහවුරු කිරීම සහ ප්‍රබල කැබිනට් සංශෝධනයක් මෙවර සැසිවාරයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන්. 

වත්මන් අග්‍රාමාත්‍ය මෙන්ම වසර 10 ක් පුරා ජනාධිපති සී ජින්පින්ගේ සමීතමය දේශපාලන සගයා ලෙස කටයුතු කළ ලී කේ ක්වෑන් සිය ධූරයෙන් ඉවත්වීම මෙවර සැසිවාරයේදී සිදුවනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව මේවනවිට ජනාධිපති සී ජින්පින්ගේ සමීපතම සගයා බවට පත්ව ඇති ලී ක්වැන්ග් චීනයේ මීලග අග්‍රාමාතයවරයා ලෙස තේරි පත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එමෙන්ම ජනාධිපතිවරයාගේ තවත් සමීප දේශපාලනඥයින් කිහිපදෙනෙකුටම රජයේ ඉහළ තනතුරු හිමිවනු ඇති බවද ජාත්‍යන්තර විචාරකයින් මත පළ කරනවා.

එමෙන්ම මෙවර චීනය සියයට 5 ක පමණ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව ප්‍රකාශයට පත් කර ඇති බවයි පැවසෙන්නේ. එය දශක ගණනාවකින් පසු චීනයෙන් වාර්තා වන අඩුම ආර්ථික වර්ධන වේගය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.