Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දීය අගමැතිගේ ප්‍රකාශයකට අමෙරිකාවෙන් ප්‍රතිචාර




බහුපාර්ශවිකත්වයට අභියෝග පවතින බවට  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදු කළ ප්‍රකාශය නිවැරදි බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසනවා.

එහෙත් එවැනි අභියෝග රැසක් පැමිණෙන්නේ රුසියාවෙන් බවටයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා චෝදනා කළේ.

රුසියාව ගැටළු නිර්මාණය කරන බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල රුසියාවේ ක්‍රියාකලාපයෙන් එය පෙන්නුම් කෙරෙන බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළා.

ඒ අනුව රුසියාව බහුපාර්ශවිකත්වයේ මූලධර්ම උල්ලංඝනය කරන බවට ද ඇන්තනී බ්ලින්කන් චෝදනා කර තිබෙනවා.

ඉකුත්දා පැවැති G20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ බහුපාර්ශ්විකවාදය අර්බුදයක පවතින බවයි.

එය පාලනය කිරීමට ගෝලීය ප්‍රජාව අපොහොසත් විම හේතුවෙන් ප්‍රතිවිපාකවලට වැඩි වශයෙන් මුහුණ දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.