Friday, April 26, 2024

General line - 0115112241

ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 171 ක් සාගර ජලයේ




ලෝකයේ සාගර ජලය තුළ ප්ලාස්ටික් කොටස් ටි්‍රලියන 171 කට වැඩියෙන් පවතින බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. ඔවුන් අනාවරණ කර ඇත්තේ මෙම තත්ත්වයට කිසිදු පියවරක් නොගතහොත් 2040 වන විට මෙම තත්ත්වය තුන් ගුණයකින් වැඩිවිය හැකි බවයි.

2005 වසරේදී සාගර ජලය තුළ පවතින ප්ලාස්ටික් කොටස් ප්‍රමාණය ටි්‍රලියන 16 ක් ලෙසයි වාර්තා වුණේ. මේ වන විට එය ටි්‍රලියන 171 ක් දක්වා වැඩවීමට අලුතින් ප්ලාස්ටික් කැබලි සාගර ජලයට එක්වීම හා පැවති ප්ලාස්ටික් කොටස් කැඩී වෙන්වී යාම හේතු ලෙසටයි දක්වා ඇත්තේ.

සාගර ජලයේ සිටින මත්ස්‍යයින් හා අනෙකුත් සතුන් මරණයට පත්වීමට ප්ලාස්ටික් හේතුවන බවත්, ප්ලාස්ටික් කොටස් කුඩා කැබලි බවට පත්වීමට වසර සිය ගණනක් ගතවීම හේතුවෙන් එහි හානිය දීර්ඝ කාලීන බවත් විද්‍යාඥයින් පවසනවා.

මෙම සමීක්ෂණය සිදුකළ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ බෝතල්, ප්ලාස්ටික් ඇසුරුම්, ධීවර උපකරණ, වෙනත් භාණ්ඩ හා තනි භාවිතයට ගන්නා ප්ලාස්ටික් උපකරණ මෙම සාගර ජලයේ ඇති ප්ලාස්ටික් අතර වැඩි වශයෙන් පවතින බවයි.

ඒවා ගොඳුරු ලෙස වරදවා වටහාගන්නා තල්මසුන්, මුහුදු පක්ෂීන් කැස්බෑවන් සහ මසුන් ඒවා ආහාරටය ගැනීමත් සමඟ පසු කාලීනව ඔවුන් මියයන බව විද්‍යාඥයින්ගේ අදහසයි.