Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකානුවන් ඝාතනය කළ සැකකරුවන්ව අත්පා ගැට ගසා පාරේ දමා යයි 




අමෙරිකානු ජාතිකයින් දෙදෙනෙකු ඝාතනය කළ බව කියන මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියකට සම්බන්ධ සාමාජිකයින් 05 දෙනෙකු ඔවුන්ගේ ප්‍රධානින් විසින් අත් පා ගැට ගසා මහ මග දමා ගොස් තිබියදී හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා.

එම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන ප්‍රධානියා විසින් සිද්ධියයෙන් විපතට පත්වූ අමෙරිකානු ජාතිකයින්ගෙන් සමාව අයදමින් ඊට සම්බන්ධ සැකකරුවන් මහ මග අත්හැර ගොස් ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙක්සිකෝව බලා ගොස් සිටි අමෙරිකානු ජාතිකයින් සිව්දෙනෙකු පසුගියදා මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පැහැරගෙන ගොස් තිබුණා. පසුව ඉන් දෙදෙනෙකු ඔවුන් විසින් ඝාතනය කොට තිබු අතර අනෙක් අමෙරිකානුවන් දෙදෙනා බේරා ගැනීමට සමත්වූවා.