Friday, March 29, 2024

General line - 0115112241

බොරතෙල් මිල අඩුවෙයි




ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිලෙහි අඩුවීමක් අද දින (10) දක්නට ලැබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.12ක් ලෙස සටහන්වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.13 දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර ඩොලර් 86.26ක් ලෙස සටහන් වී තිබුණා.

ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර ඩොලර් 80.46ක් ලෙස දැක්වුණා.