Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාව සමග ඇති සබඳතා තවත් ශක්තිමත් කර ගත යුතු බව ඔස්ට්‍රේලියාව කියයි




නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවුණා. ඒ, රාශ්ට්‍රපතිභවන් හිදීයි.

එහිදී නායකයින් දෙපළ අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. අනතුරුව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවකට ද සහභාගී වුණා.

එහිදී ඔහු පැවසුවේ ඉන්දියාවේදී තමන්ට ඉහළ පිළිගැනීමක් හිමිවු බව සහ ඒ පිළිබඳ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට ස්තූතිය පළ කරන බවයි.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යනු ශක්තිමත් හවුල්කරුවන් බව හා එම හවුල්කාරිත්වය දිනෙන් දින වඩාත් ශක්තිමත් වන බවයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ.

ඉන්දියාව සමග පවතින සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යාම මෙන්ම සංස්කෘතික, ආර්ථික මෙන්ම ආරක්ෂක යන ක්ෂේත්‍ර තුළ ඉන්දියාව සමඟ  සබඳතා ගොඩනඟා ගැනීමට ද ඔස්ට්‍රේලියාවට අවශ්‍ය බව ද අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සඳහන් කළා.

මේ අතර ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ද හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.