Thursday, April 25, 2024

General line - 0115112241

G20 සහ G7 සභාපති රටවල නායකයින් අතර හමුවක්




ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට සූදානම් වනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම මස 20  වන දා ඉන්දියාවට පැමිණෙන ජපන් අග්‍රාමාත්‍යවරයා දෙදිනක් පුරා එහී රැඳී සිටිනු ඇති බවයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීම ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේ ප්‍රධාන අරමුණක් වනවා.

එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ද්පාර්ශවික සහ කලාපීය ගැටළු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති.

ජපානය මෙවර G7 සමුළුවේ සභාපතිත්වය දරණ අතර ඉන්දියාව G20 සමුළුවේ සභාපතිත්වය දරනවා.

දෙරටෙහි නායකයින් හමුවීමට නියමිතව ඇත්තේ එවන් පසුබිමක් තුළ වීම විශේෂත්වයක්.