Saturday, April 20, 2024

General line - 0115112241

චීනයට නව අගමැතිවරයෙක්




ෂී ජින්පින් 03 වන වරටත් චීනයේ ජනාධිපතිවරයා ලෙස නිල වශයෙන් පාලන බලය ලබා ගැනීමෙන් අනතුරුව එරටට නව අග්‍රාමාත්‍යවරයෙකු ද පත්ව තිබෙනවා. ඒ අනුව චීනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්ව ඇත්තේ ජනාධිපති ෂී ජින්පින්ගේ සමීපතම දේශපාලන සගයෙකු ලෙස සැලකෙන චීන ශැංහයි පක්ෂයේ ලේකම් ලී ක්වෑන්ග්.

මේ දිනවල පැවැත්වෙන චීනයේ ජාතික මහජන කොංග්‍රස් සැසිවාරයේදී ජනාධිපති ෂී ජින්පින් විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලී ක්වෑන්ගේ නම යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව කොංග්‍රසයේ අනුමැතිය ඇතිව ලී ක්වෑන් ඉදිරි වසර 05ක කාලයේදී චීනයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති.

ඒ සමග 2013 වසරේ සිට මේ දක්වා චීනයේ අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ ලී කේ ක්වෑන්ග් එම ධූරයට සමුදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලී කේ ක්වෑන්ග් යනු චීන ජනාධිපති ෂී ජින්පින්ගේ දේශපාලන ගමනේ සමීප සගයෙකු ලෙස කටයුතු කළ චීනයේ ප්‍රභල දේශපාලනඥයෙක්. එහෙත් මෑතක සිය ජනාධිපති ෂී ජින්පින් විසින් ඔහුගේ බලතල සීමා කිරීමකට ලක්කිරීමක් දක්නට ලැබුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.