Saturday, April 20, 2024

General line - 0115112241

මුහුදට වැටුණු අනවසර සංක්‍රමණිකයින් දහසක් ඉතාලි වෙරළාරක්ෂකයින් බේරා ගනී




ඉතාලි මුහුදු සීමාවේ අනතුරට පත්ව තිබූ යාත්‍රා කිහිපයක සිටි සංක්‍රමණිකයින් 1,000 කට අධික පිරිසක් එරට වෙරළාරක්ෂක බලකා සාමාජිකයින් විසින් මුදා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මුදාගත් පිරිසෙන් 584 දෙනෙක් කැලබි්‍රයා නගරයට රැගෙනවිත් ඇති බවයි. තවත් සංක්‍රමණිකයන් 487 දෙනෙකු ක්‍රෝටෝන් වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.

මුදාගැනුණු සංක්‍රමණිකයන් 200 දෙනෙකු සිසිලි වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයකට රැගෙනවිත් ඇති අතර ඔවුන් කතානියා වෙත රැගෙන යන බවයි ඉතාලි බලධාරීන් පවසන්නේ.

මේ දිනවල අනවසර සංක්‍රමණිකයින් රැසක් මධ්‍යධරණී මුහුද හරහා යාත්‍රා කරමින් සිටින බවට ඉතාලි වෙරළාරක්ෂක බලකාය පවසන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

අයහපත් කාලගුණය හමුවේ මුහුදු සීමා රළුවී ඇති බැවින් අනවසර සංක්‍රමණිකයින් රැගත් යාත්‍රා අනතුරට පත්වීමේ සම්භාවිතාව ඉහළ බව ද ඉතාලි බලධාරීන් සඳහන් කළා. ඔවුන් පවසන්නේ ඊයේ දිනයේ පමණක්, අනවසර සංක්‍රමණිකයින් රැගෙන යාත්‍රා කරමින් ඇති බෝට්ටු 20 ක් පමණ ගුවන් යානා සහ ඩ්‍රෝන යානා හඳුනා ගෙන ඇති බවයි.