Friday, April 19, 2024

General line - 0115112241

උනක් නිසා චීන නගරයක් වැසෙන ලකුණු




ඉන්ෆ්ලුවන්සා උන තත්ත්වයක් ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයේ නගරයක් අගුළු දැමීමට බලධාරීන්ගේ අවධානය යොමුවීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචන එල්ල වෙමින් ඇතැයි වාර්තා වනවා.

චීනයේ ෂැන්සි පළාතේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ෂියාන් නගරයයි එලෙස අගුළු දැමීමේ අවධානමට ලක්ව ඇත්තේ.

සංචාරක පුරවරයක් වන ෂියාන් නගරය ටෙරාකොරා මූර්ති හේතුවෙන් ප්‍රකටව  තිබෙනවා.

කෙසේවෙතත් ඉන්ෆ්ලුවන්සා උන රෝගය සිග්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග ෂියාන් නගරයේ ව්‍යාපාර, පාසල් සහ අනෙකුත්  ජනාකීර්ණ ස්ථාන වසා දැමීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි සඳහන්.

ඒ බව වාර්තා වීමත් සමග සමාජ මාධ්‍ය හරහා ජනතාව සිය කනස්සල්ල සහ විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම තීරණය කොරෝනා සමයේදී රට වසා දැමූ තත්ත්වයට සමාන යැයි ෂියාන් වැසියන් පවසන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.