Friday, May 17, 2024

General line - 0115112241

ආසියානු නිලියක් ඔස්කාර් සම්මාන උළලේදී ඉතිහාස ගතවෙයි 




95 වෙනි ඔස්කාර්ස් සම්මාන උළලේදී මෙවර හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට Everything Everywhere All At Once චිත්‍රපටය සමත් වුවා.

2023 ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 07ක් සමඟින් Everything Everywhere All At Once චිත්‍රපටිය පෙරමුණ ගැනීම සුවිශේෂී කරුණක් වුවා.

හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම සහය නළුවා, හොඳම සහය නිළිය, හොඳම සංස්කරණය සහ හොඳම මුල් තිර රචනය යන සම්මාන හත දිනාගැනීමට Everything Everywhere All At Once චිත්‍රපටය සමත් වුවා.

හොඳම නිලියට හිමි සම්මානය දිනා ගැනීමට Everything Everywhere All At Once චිත්‍රපටයේ රංගනයෙන් එක්වූ Michelle Yeoh සමත් වූ අතර, එම ඔස්කාර්ස් සම්මානයට හිමිකම් කියූ පළමු ආසියානු කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වූවා.

මේ අතර හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට "The Whale" චිත්‍රපටයේ රංගනයෙන් දායකවූ  Brendan Fraser සම්ත්වුවා.

මේ අතර තෙලිගු චිත්‍රපටයක් වන "RRR හි නාටු නාටු ගීතය" හොඳම ගීතයට හිමි ඔස්කාර්ස් සම්මානය දිනා ගනු ලැබුවා.