Thursday, May 16, 2024

General line - 0115112241

චීනයට එරෙහිව ලෝක බලවතුන් තිදෙනෙකුගෙන් න්‍යෂ්ටික සබ්මැරීන බලඇණියක්




චීනයෙන් එල්ල වන බලපෑම්වලට එරෙහිව නැගී සිටීම සඳහා න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන සමූහයක් නිර්මාණය කිරීමට අමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය තීරණය කර තිබෙනවා. ඒ, එම රටවල් අතර එළඹ ඇති “අකුස්” ගිවිසුම යටතේයි. 

එහි පළමු පියවර ලෙස අමෙරිකාවෙන් න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන 03 ක් මිලදී ගැනීමට ඕස්ට්‍රේලියාවව තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. පසුව අමෙරිකානු සහ බ්‍රිතාන්‍යය තාක්ෂණය යටතේ නව මාදිලියේ සම්බැරීන නිර්මාණය කිරීම ඕස්ට්‍රේලියාවේ අපේක්ෂාවයි.

අමෙරිකාව, ඔස්ටේ්‍රලියාව සහ බ්‍රිතාන්‍යය “අකුස්” ගිවිසුම යටතේ එළඹි මෙම නව සැලැස්ම අනාවරණ කළේ රටවල් ත්‍රිත්වයේ නායකයින් අතර පැවැති හමුවකදීයි. 

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩින්, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් හා බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂී සුනක් මේ සඳහා එකිනෙකා හමුවී සාකච්ඡා පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එම විශේෂ හමුව සිදුව ඇත්තේ අමෙරිකාවේ සැන් ඩියේගෝ හි නාවික හමුදා කඳවුරේදීයි. එහිදී රැස්වූ රටවල් තුනේ නායකයින් නව සැලැස්ම එළිදක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.