Friday, May 17, 2024

General line - 0115112241

100ක පමණ පිරිසකට දිවි අහිමි වූ ෆ්‍රෙඩී කුණාටුව




විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවී හා මොසැම්බික් රාජ්‍යයන් තුළ පුද්ගලයින් සියයකට ආසන්න ප්‍රමාණයක්  මියගොස් ඇති බවයි.

එරට ආපදා කළමනාකරණ අංශ පවසන්නේ වාණිජ අගනගරය වන බ්ලැන්ටයර් වෙත වැඩි හානි සිදුව ඇති බවයි.  
 
සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 134 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසයි.

මෙම තත්ත්වය තුළ මලාවි රාජ්‍යයේ හදිසි ආපදා තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත .