Thursday, April 25, 2024

General line - 0115112241

පුටින්ගේ න්‍යෂ්ටික අවි තර්ජනය සුළු කරන්න එපා - විශේෂඥයින් බටහිර රටවලට අනතුරු අඟවයි 




යුක්රේනයේ පවතින යුදමය තත්ත්වය සහ එහිදී ඇතිවී තිබෙන පසුබෑම හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කුමන හෝ අවස්ථාවක න්‍යෂ්ටික හෝ රසායනික අවි භාවිතා කිරීමට අවසර ලබාදීමේ අවදානමක් ඇති බවට විදෙස් විශේෂඥ මණ්ඩලයක් වාර්තා කර සිටිනවා.

රුසියානු ජනාධිපතිවරයා මේ වන විට පත්ව ඇති සංකීර්ණ තත්ත්වය මත එවැනි නියෝගයක් ලබාදීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි විශේෂිත දේශපාලන හෝ ආර්ථික ගැටලු පිළිබඳ උපදෙස් සහ අදහස් සපයන විශේෂඥ මණ්ඩලයක් වන අමෙරිකාවේ පිහිටි හෙරිටේජ් පදනම සිය නවතම වාර්තාවෙන් පෙන්වා ඇත්තේ.

හෙරිටේජ් පදනම සිය වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි රුසියානු ජනාධිපතිවරයා යුක්රේනය ආක්‍රමණය කිරීමේ සිය මෙහෙයුම අඩාල වීම හමුවේ "සියවසේ වඩාත්ම දෛවෝපගත තීරණ වලින් එකක්" ගැනීමේ බොහෝ ඉඩකඩ ඇති බවයි.

අමෙරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය සිය රටට තර්ජනයක් වනු ඇති බවට රුසියාව උමතුවෙන් සිතා සිටින තත්ත්වයකට පත්ව ඇති බවයි හෙරිටේජ් පදනම සඳහන් කර සිටින්නේ.

යුක්රේනය ආක්‍රමණය කිරීමට මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු මෑත කාල වකවානුවේදී රුසියාව සිය න්‍යෂ්ටික ආයුද සම්බන්ධයෙන් අදහස් දැක්වීම ඉහළ ගොස් ඇත.

අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධාන රටවල් රුසියාවේ න්‍යෂ්ටික තර්ජනය පිලිබඳ මනා අවබෝධයකින් යුතුව ප්‍රතිචාර දැක්වීම සිදුකළ යුතු බවයි හෙරිටේජ් පදනම සඳහන් කර සිටින්නේ.

රුසියානු හමුදා ජෙනරාල්වරුන් ඉකුත් නොවැම්බර් මාසයේදී උපායශීලී ක්‍රමෝපායක් ලෙස න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වන අතර, දිගු දුර න්‍යෂ්ටික ආයුධ භාවිතය පිළිබඳව ප්‍රවේශම් විය යුතු යැයි අවධාරණය කොට ඇත.

කෙසේ වෙතත්, රුසියාව වැඩි වැඩියෙන් බටහිර සතුරෙකු ලෙස නිරූපණය කර ඇති අතර සටන් තවදුරටත් උත්සන්න වීම වැලැක්වීම සඳහා විකල්පයක් ලෙස උපායශීලී මූලෝපායික න්‍යෂ්ටික අවි භාවිතයට ගන්නා බවට ප්‍රකාශ කර ඇති බවට පෙන්වා දී ඇති බවයි එම වාර්තාව සඳහන් කරන්නේ.

මේ අතර ව්ලැඩිමීර් පුටින්ගේ න්‍යෂ්ටික තර්ජනය “සැබෑවක් මිස වචනයට පමණක් සීමා නොවන එකක්” බවයි රුසියානු විපක්ෂ දේශපාලනඥයෙක් අනතුරු අඟවා සිටියේ.

Grigory Yavlinsky පුටින් ගේ පාලන තන්ත්‍රයේ දීර්ඝකාලීන විවේචකයෙකු වන අතර ක්‍රිමියාව නැවත අත්පත් කර ගැනීමට යුක්රේනය උත්සාහ කළහොත් ඔවුන්ට එරෙහිව රුසියාවට තම න්‍යෂ්ටික හැකියාවන් භාවිතා කළ හැකි බවට අනතුරු ඇඟවීම සිදුකර තිබුනේ මිට දින කිහිපයකට පෙර වීම ද විශේෂත්වයක්.

රුසියාව සතුව මේ වන විට විවිධ වර්ගයේ න්‍යෂ්ටික අවි 1000 - 2000ක් අතර පවතින බව සඳහන්,