Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකාවෙන් ටික්ටොක් වෙත තර්ජනයක්




ලොව පුරා අතිශය ජනප්‍රිය ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වනවා. ඒ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට චෝදනා කරමින්. 

අමෙරිකානු රජය පවසා ඇත්තේ චීන සමාගමකට අයිති ටික් ටොක් සමාජ ජාලය විකුණා දැමිය යුතු බවයි. එසේ නොවුණහොත් එය රට තුළ තහනමට ලක්විය හැකි බව අමෙරිකාව පවසා තිබෙනවා. කෙසේවෙතත් කිසිවෙකුගේත් ඕනෑ එපාකම් සපුරාලීමට තම සමාගම කටයුතු නොකරන බවත්, බලහත්කාරයෙන් වෙනස්කිරීම් සිදුනොකරන බවත් ටික්ටොක් සමාගම පවසා තිබෙනවා. 

ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර්වලට සමානව ටික්ටොක් පරිශීලකයින්ගේ දත්ත විශාල ප්‍රමාණයක් එම සමාගම සතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පරිශීලකයින්ගේ ජීව දත්ත මෙන්ම ඔවුන්ගේ ස්ථානීය දත්ත ද ඒ අතර වන බවත්, එම තොරතුරු චීන රජයට ලබාදිය හැකි බවත් අමෙරිකාව පවසා තිබෙනවා.

ටික්ටොක් යනු 2021 වසරේ ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය වූ අතර එහි පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 2 ක්.