Tuesday, May 21, 2024

General line - 0115112241

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 07 ක්




කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 7 ක් සොයාගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේම නිලධාරීන් H වාට්ටුවේ සිදුකළ වැටලීමකදී එම ජංගම දුරකතන සොයාගෙන ඇති බවයි.

එම වාට්ටුවේ රඳවා සිටින්නේ විදේශීය ජාතික සැකකරුවන්. ඒ අනුව නයිජීරියානු ජාතික සැකකරුවන් කිහිපදෙනෙකුව සතුව තිබී මෙම ජංගම දුරකතන සොයාගෙන තිබෙනවා.