Tuesday, May 21, 2024

General line - 0115112241

ආඩිඅම්බලමේ “නදී“ කටුනායක පොලිස් අපරාධ විමර්ශණ අංශයේ අත්අඩංගුවට

ටී කේ ජී කපිල




මංකොල්ලකෑම් සිදු කිරීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි ආඩිඅම්බලම ”නදී” නැමැත්තා කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සිය අනියම් බිරිඳගේ නිවසෙහි රැදී සිටින බවට ලද තොරතුරක් මත එම නිවස වටලා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

නදීෂාන් පීරිස් නැමැති 42 හැවිරිදි මෙම සැකකරුට කටුනායක, මීගමුව සහ කටාන යන ප්‍රදේශ තුළ මංකොල්ලකෑම්, ගෙවල් බිදුම් සහ සොරකම් කිරීම් ඇතුලු අපරාධ රැසකට අදාලව මීගමුව සහ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 05 ක් ද නිකුත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.