Tuesday, May 21, 2024

General line - 0115112241

අද සල්ලි දුන්නත් ඡන්ද පත්‍රිකා දෙන්න දින 33 ක් යයි




අද දිනයේ මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදුන්නද සියලු ඡන්ද පත්‍රිකා මුද්‍රණයට දින 33 ක් ගතවන බව රජයේ මුද්‍රණාලයාධිපතිණී ගංගානි කල්පනී ලියනගේ පවසනවා.

ඒ, නෙත් නිවුස් සමඟ අදහස් දක්වමින්. රජයේ මුද්‍රණාලයාධිපතිණිය සඳහන් කළේ මුද්‍රණ කටයුතු සඳහා මීට පෙර ලබාදුන් රුපියල් මිලියන 40 ට වඩා කිසිදු මුදලක් මේ දක්වා ලබාදී නොමැති බවයි.

මැතිවරණ කොමිසම මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ අප්‍රේල් 25 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි බවයි. ඒ අනුව අද මුදල් ලැබී ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කළහොත් එය සම්පූර්ණයෙන් ම අවසන්වීමට අප්‍රේල් 19 වනදා දක්වා කාලයක් ගතවනු ඇති. එම දින 33 ට සෙනසුරාදා, ඉරිදා, පෝය සහ අලුත් අවුරුදු නිවාඩුව ද ඇතුලත්.