Thursday, April 25, 2024

General line - 0115112241

නවසීලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයට අඳුර හරස් වෙයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය අද කල් වේලා ඇතිව අවසන් කළා. ඒ, අයහපත් කාලගුණය හේතුවෙන්. අද තරඟ ආරම්භයට ද වර්ෂාව හේතුවෙන් බාධා එල්ලවුණා. ඒ අනුව තරඟයේ පළමු දිනය ආරම්භ කළේ දිවා ආහාරයෙනුත් පසුවයි.

නවසීලන්තයේ වෙලින්ටන්හිදී ආරම්භ වූ තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන නවසීලන්තය දිනය නිමා වන විට කඬුලු 02 ක් දැවී ලකුණු 155 ක් රැස්කරගෙන සිටියා. ඩෙවෝන් කොන්වේ ලකුණු 78 යි. පන්දු යැවීමේදී කසුන් රාජිත හා ධනංජය ද සිල්වා එක් කඬුල්ල බැඟින් දවා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට කඬුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වෙනුවට නවක ක්‍රීඩක නිශාන් මධුෂ්ක කැඳවා තිබුණා.