Tuesday, May 21, 2024

General line - 0115112241

කටුනායකින් පලා ගිය "බුරුමුනා" පොලිස් අත්අඩංගුවට




මීට සති කිහිපයකට පෙර කාටුනයක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන පොලිසිය තුල රඳවා ගෙන සිටියදී ඉන් මිදී පලා ගිය බව කියන රවිදු සංකද සිල්වා නොහොත් "බුරුමුනා" නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ සැඟවී සිටියදී ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකින් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ බව කියන මෙම සැකකරු ඉකුත් පෙබරවාරි මස 24 වෙනිදා ඩුබායි බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණ තිබුණා. ඒ තවත් පුද්ගලයෙකු සමගින්.

මෙම පුද්ගලයාට එරෙහිව ඔහුගේ සැබෑ නමින් සහ ඔහු පෙනී සිටින ව්‍යාජ නමින්ද ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබුණා.

කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම පුද්ගලයා තම කවුළුව වෙත පැමිණි පසු විදේශ ගත වීම වලක්වා ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත දැනුම් දී තිබුණා.

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ මොහු අත් අඩංගුවට ගෙන සිර මැදිරියෙහි රදවා තබා තිබු බව සඳහන්.

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තමන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ආ පුද්ගලයෙකු බවත් ශ්‍රී ලංකාව පුරා තමන් මිනීමැරුම් 09 ක් පමණ සිදු කර ඇති බවත් මෑතකදී හංවැල්ල ප්‍රදේශයේ මිනීමැරුම ද ඒ අතර වන බවත් ප්‍රකාශ කර තිබේ.

ඉන් පසුව මෙම පුද්ගලයා නිදහස් කර ගෙන යෑමට භික්ෂූන්වහන්සේලා දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ තිබෙන අතර පසුව කළ විමර්ශන වලදී මෙම භික්ෂූන්වහන්සේලා ව්‍යාජ පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී තිබුණා.

එම අවස්ථාවේ දී සිර මැදිරිය තුළ සිටි පුද්ගලයා එයින් පිටතට ගෙන තිබු අතර වාරයේ දී මෙම සැකකරු රාත්‍රීයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියෙන් පළා ගොස් තිබුණා.

පසුව එම භික්ෂුන් වහන්සේලා දෙනම සහ ඔවුන් පැමිණි කාර් රථයේ රියදුරු පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.