Thursday, March 28, 2024

General line - 0115112241

රුධිරය ජලයට වඩා ඝනයි - සබඳතා ගැන පහදමින් ඉන්දියාව ශ්‍රී ලංකාවට කියයි




රුධිරය ජලයට වඩා ඝන සේම දුෂ්කර කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ස්වභාවික බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුද මධ්‍යයේ ඔහු ඒ බව සඳහන් කළේ නවදිල්ලියේ පැවැති ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින්.

එම අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දියාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛි ද එක්ව සිටියා.

අර්බුදකාරී අවස්ථාවලදී, ඉන්දියාව සිය අසල්වැසියා පළමුවෙන් යන  ප්‍රතිපත්තිය අනුගමනය කරමින් එම රටවල් සමඟ එක්ව සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී සඳහන් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව අභියෝගය ජය ගනු ඇතැයි සෑමවිටම විශ්වාස කරන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සඳහන් කළා. කෙසේවෙතත් මෙම අවස්ථාවේදී  ශ්‍රී ලංකාව සමඟ සැබෑ මිතුරන් ලෙස සිටීම වැදගත් බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් එහිදී පවසා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.