Tuesday, May 21, 2024

General line - 0115112241

කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට




ගෙල සිර කර කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කළ සැකකරුවෙකු ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දේපළ කොල්ල කෑම සඳහා සැකකරු විසින් එම කාන්තාවන් තිදෙනා එලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඉත්තෑපාන ප්‍රදේශයේ කාන්තාවක් එලෙස ඝාතනය කර තිබුණේ ඉකුත් නොවැම්බර් මස 2වනදායි.

ඉකුත් පෙබරවාරි මස 1වනදා ඇල්පිටිය ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර සැකකරු විසින් දේපළ කොල්ල කා ඇති බවයි පොලිසිය පැවසුවේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු යගිරල ප්‍රදේශයේ පදිංකරුවෙකු වනවා.