Tuesday, May 21, 2024

General line - 0115112241

බිහිසුණු තත්ත්වයකින් රට ගොඩගත් බව මුදල් රාජ්‍ය ඇමති කියයි

නිහාල් සිරි ගම්ලත්




පසුගිය වසරේ සෘණ 12.4 ක් වූ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධන වේගය නිවැරදි ආකාරයෙන් කළමනාකරණය නොකළා නම් එය මේ වසරේ පළමු කාර්තුවේ සෘණ 20 දක්වා වූ අගයකට ගමන් කිරීමට හැකිව තිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මහ බැංකුව විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ ආර්ථීකය සම්බන්ධයෙන් එළිදැක්වූ දත්ත වාර්තා පිලිබඳව රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මෙම කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සෘණ 20 මට්ටමක පැවතියේ නම් ආහාර හිඟයකට මුහුණ දීමටද සිදු වූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

මෙවන් අවස්ථාවක ඇතැම් වෘත්තීය සමිති ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන්ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙහිදී අදහස් පළ කළා.