Monday, March 27, 2023

General line - 0115112241

IMF එකඟතාවන් ලබන සතියේ මැති සබයට

නිහාල් සිරි ගම්ලත්




ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ ඇති කරගත් එකඟතාවන් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය ඉදිරිපත් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 

තවත් සති 2ක් ඇතුළත විස්තීරණය ණය මුදලේ පළමු වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන 320කට ආසන්න මුදල ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.