Tuesday, May 21, 2024

General line - 0115112241

පකිස්තාන පොලීසිය ඉම්රාන් ඛාන්ගේ නිවසට කඩා වදී




පකිස්තානයේ පන්ජාබ් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අද එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ලාහෝර් නුවර පිහිටි නිවසට කඩා වැදී තිබෙනවා. අනතුරුව පොලිස් නිලධාරීන් නිවස පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉම්රාන් ඛාන් නඩු විභාගයක් සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට ඉස්ලාමාබාද් නුවරට යමින් සිටියදී පොලීසිය එලෙස නිවසට ඇතුළු වී ඇති බවයි. එම අවස්ථාවේ ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බෙගම් නිවසේ සිට ඇති බව ද වාර්තා වනවා.

කෙසේවෙතත් පොලීසිය නිවසට ඇතුළු වන අවස්ථාවේදී එහි රැස්ව සිටි ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් PTI පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් සහ පොලීසිය අතර ගැටුමක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. එහිදී PTI පක්ෂයේ සාමාජිකයින්  10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තවත් 30 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.