Tuesday, May 21, 2024

General line - 0115112241

දියර බිත්තර ආනයනයට සහනයක්




දියර බිත්තර ආනයනය සඳහා අවසර දෙමින් බදු සහනයක්ද ලබා දුන් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව, දියර බිත්තර ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 1,300ක බද්ද රුපියල් 200 දක්වා අඩු කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම, ඉන්දියාවෙන් ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය තවත් දින 3ක් ඇතුළත ලංකාවට ලැබෙනු ඇති බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවේ. 

රුපියල් 40කට අඩු මිලකට ආනයනික බිත්තරයක් බේකරි කර්මාන්තකරුවන් වෙත අලෙවි කිරීමටයි වෙළඳ අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත්තේ.