Wednesday, May 22, 2024

General line - 0115112241

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද මැදියම් රැයෙන් අවසන්




පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඒ අනුව, නගර සභාවල බලය ආණ්ඩුකාරවරුන් යටතේ නාගරික කොමසාරිස්වරුන්ටත්, ප්‍රාදේශීය සභාවල බලය ප්‍රදේශීය සභාවේ ලේකම්වරුන්ටත් පැවරෙනවා.

කෙසේ වෙතත් විසුරුවා හැරෙන පළාත් පාලන ආයතනවල බලය පැවරීම සම්බන්ධයෙන් මීට පෙර ලබා දුන් අධිකරණ තීන්දුවක් පිළීබඳ නීතිපත‘ිවරයාගෙන් පැහැදිලි කිරීමක් සිදු කර ගැනීමට ඇති බවයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ. 

කෙසේවෙතත් මහජනතාවට බාධාවකින් තොරව සේවය සැපයීම සඳහා පළාත් පාලන ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සතුව තිබූ රජයේ වාහන භාර දෙන ලෙසට ඊයේ දිනයේ දැනුම් දී තිබුණා. එලෙස භාර නොදෙන පළාත් පාලන නියෝජිතයන් වේනම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ.