Tuesday, May 21, 2024

General line - 0115112241

නව පොලිස්පති වෙනුවෙන් නිර්දේශිත නම් මෙතෙක් යොමු කර නැති බවට අනාවරණයක්




ව්‍යවස්ථාදායක සභාව ලබන අගහරුවාදා රැස්වීමට නියමිතයි. මෙම රැස්වීමේ දී පොලිස්පති ධූරය සඳහා සුදුස්සෙකු තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවටයි මීට පෙර වාර්තා වුණේ.

එහෙත් එහිදී ව්‍යවස්ථාදායක සභාව වෙත ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නාම යෝජනා අතරින් ඔම්බූස්ට්මන් ධූරය සඳහා අයෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ. 

මේ අතරලබන 26 වනදායින් පසු පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා සුදුස්සෙකු පත් කර ගැනීමට අවශ්‍ය නම් මේවනවිටත් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කර නොමැති බවයි වාර්තා වුණේ.

පොලිස්පති ධූරයට සුදුස්සෙකු පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන නම් අතරින් සුදුස්සෙකු තෝරා ගැනීම ව්‍යවස්ථාදායක සභාව විසින් සිදුකරනු ලබනවා. එසේ නොමැතිනම් මේවනවිට පොලිස්පතිධූරය දරණ තැනැත්තාගේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද තීරණයක් ගත යුත්තේ ව්‍යවස්ථාදායක සභාවයි.