Saturday, April 20, 2024

General line - 0115112241

පුටින් හදිසියේම ක්‍රයිමියාවට පැමිණෙයි




රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ හදිසියේම ක්‍රයිමියාවට පැමිණ තිබෙනවා. ක්‍රයිමියාව යනු යුක්රේනයේ කොටසක්. එහෙත් මීට වසර 09 කට පෙර රුසියාව විසින් ක්‍රයිමියාව සිය රටට ඈඳා ගනු ලැබුවා. විදෙස් මාධ්‍ය පැවසුවේ එහි සංවත්සරය වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයා ක්‍රයිමියාවට පැමිණ ඇති බවයි.

ක්‍රයිමියා බලධාරීන් පවසන පරිදි එය අනපේක්ෂිත සංචාරයක්. කෙසේවෙතත් ක්‍රයිමියාවට පැමිණි ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව පිළිගෙන තිබුණේ එහි ආණ්ඩුකාරවරයා විසින්. අනතුරුව ඔහු රුසියාව විසින් ක්‍රයිමියාවේ ස්ථාපිත කළ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් සහ කලා පාසලක් නැරඹීම සඳහා ජනාධිතිවරයාව කැඳවා ගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙලෙස යුක්රේන භූමියේ පිහිටි ක්‍රයිමියාවට පැමිණියේ ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක් ද නිකුත් කර ඇති පසුබිමකදී වීම විශේෂත්වයක්.