Friday, April 26, 2024

General line - 0115112241

එජාපයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගන්න යයි




එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුවේ තීරණය අනුව මෙලෙස අදහස් යෝජනා ලබා ගන්නා බවයි එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළේ. 

අදාල කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ තිලක් මාරපන කටයුතු කරන අතර කමිටු ලේකම් ලෙස ජනාධිපති නීතීඥ නිශ්ශංක  නානායක්කාර, කමිටු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ දයා පැල්පොල සහ ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා කටයුතු කරනවා.

ඒ අනුව නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා අදහස් සහ යෝජනා ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්, දිස්ත්‍රික් සභාපතිවරුන් සහ බලයලත් නියෝජිතයන්ට ද පක්ෂයට අනුබද්ධ සංවිධාන වල සභාපතිවරුන් සහ ලේකම්වරුන්ටද ලිඛිතව දැනුම් දී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

පක්ෂයේ නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා වන අදහස් හා යෝජනා මාර්තු 31 දිනට පෙර සිරිකොත  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නීති අංශය වෙත බාරදීමට පියවර ගන්නා ලෙස ද කමිටු ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ට දැනුම් දී තිබෙනවා.