Monday, March 27, 2023

General line - 0115112241

නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීමක්




නොරොච්චොලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ මෙම ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ බවයි.

මෙම බිඳවැටීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව ඩීසල් හා දැවිතෙල් බලාගාරවලින් ලබාගැනීමට නියමිත බව ද එම ට්විටර් සටහනේ සඳහන් වනවා. ඒ අනුව විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.