Monday, March 27, 2023

General line - 0115112241

ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තහනම් කිරීමේ සූදානමක්




පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සභාපතිත්වය දරණ පකිස්තාක ටෙහ්රික් ඊ ඉන්සාෆ් පක්ෂය තමනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පවසන්නේ පී ටී අයි පක්ෂය තහනම් කිරීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු ආරම්භ කිරීමක් පිළිබඳ පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා ඉගි කළ කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පකිස්තානයේ පාලක පක්ෂය වන පකිස්තාන මුස්ලිම් ලීගය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් දේශපාලන පක්ෂයක් තහනම් කිරීමට බලය ඇත්තේ අධිකරණයට බවයි පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා සඳහන් කර ඇත්තේ. 

මේ අතර ඉම්රාන් ඛාන්ගේ ලාහෝරයේ පිහිටි නිවස පරීක්ෂා කළ ජන්ජාබ් පොලීසිය එහි තිබී ගිනි අවියක්, උණ්ඩ සහ ආයුධ සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නිවස පරීක්ෂා කරන අවස්ථාවේදී ඉම්රාන් ඛාන් නිවසේ නොසිටි අතර නඩු විභාගයක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම සඳහා ඔහු ඉස්ලාමාබාද් නුවරට ගොස් තිබෙනවා.

ඉම්රාන් ඛාන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේදී විදෙස් රටවලින් හා ප්‍රභූවරුන්ගෙන් ත්‍යාග ලෙස ලද වටිනා භාණ්ඩ නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව අලෙවි කිරීමයි.