Friday, March 29, 2024

General line - 0115112241

අධ්‍යාපන ඇමති සුසිල්ට ජාත්‍යන්තර තනතුරක්




පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පත් කර තිබෙනවා. මෙය අන්තර්ජාතික සංවිධානයක් විසින් මෑත භාගයේ ශ්‍රී ලාංකිකයකු වෙත පිරිනමන ලද දුර්ලභ ගණයේ අවස්ථාවක් බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

දුරස්ථ අධ්‍යාපනය සහ විවෘත අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා ලෝකයේ පිහිටුවා ඇති එක ම අන්තර් රාජ්‍ය සංවිධානය වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානය බව ද එහි සඳහන්. පොදු රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් කැනේඩියානු රජය මෙම සංවිධානය මෙහෙයවනු ලබන අතර එය කැනඩාවේ බි්‍රටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ බර්නබිහි පිහිටා තිබෙනවා. 

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් විසින් දුරස්ථ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම උදෙසා පිහිටුවාගෙන ඇති මෙම ආයතනය, සංවර්ධනය වෙමින් පවතින රටවල අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා වැඩි කිරීමට මෙන් ම ගුණාත්මක අගය දියුණු කිරීමට සහ පුහුණුව ලබාදීමට කැප වී කටයුතු කරනු ලබන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.