Tuesday, May 21, 2024

General line - 0115112241

මෙම සතියේ හෝ මුදල් ලැබුණොත් අප්‍රේල් 25 ඡන්දය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම කියයි




පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අදින් ආරම්භ වන සතිය තුළ හෝ මුදල් ලැබෙන්නේ නම් නියමිත පරිදි අප්‍රේල් 25 වනදා ඡන්ද විමසීම පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පළමුව මිලියන 100 ක මුදලක් ලබාදෙන්නේ නම් ඡන්ද විමසීමේ මූලික කටයුතු සඳහා එය ප්‍රමාණවත් බවයි.

එමෙන්ම ලබන 23 වනදා මැතිවරණ කොමිෂන් සභාව සහ පක්ෂ ලේකම්වරුන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළා. 

කෙසේවෙතත් රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් ලබාදීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් බවයි.