Wednesday, May 22, 2024

General line - 0115112241

ගුරුමාරු මණ්ඩලය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද




ගුරු මාරු මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් අතර අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ ගුරු මාරු මණ්ඩලය අත්හිටුවා විසුරුවා හැරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවයි. 

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ ගුරු මාරු මණ්ඩලය අත්හිටුවා විසුරුවා හැරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බවයි. එම තීරණය ආපසු හැරවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බව ද ඔහු සඳහන් කළා.