Wednesday, May 22, 2024

General line - 0115112241

ඡන්ද අයිතිය ඉල්ලා පැෆරල් යළි අධිකරණයට




පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දිගින් දිගටම කල්යාම හරහා මෙරට පුරවැසියන්ගේ ඡන්ද අයිතිය උල්ලංඝණය වීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටආරච්චි පැවසුවේ ඒ සඳහා අවශ්‍ය මූලික ලේඛන මේවනවිටත් සකස් කරමින් ඇති බවයි.