Wednesday, April 24, 2024

General line - 0115112241

පුංචි ආණ්ඩුවල බලය නිලධාරීන් යටතට පැවරී අවසන් - නිරීක්‍ෂණ සංවිධානයක් කියයි




පවත්නා නීතිවලට අනුව පළාත් පාලන ආයතනවල බලය මේ වනවිට නිරායාසයෙන්ම විශේෂ කොමසාරිස්වරුන් යටතට පත්ව ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ධුර කාලය අවසන් බවට  නිල දැනුම්දීමක් සිදු කිරීමේ අවශ්‍යතාවක් මේ වනවිට මතු නොවන බවයි.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පත්වන තෙක් නිල කාලය අවසන් වූ ආයතනවල බලය අදාළ ආයතනයන්හි ප්‍රධාන නිලධාරියා වෙත පැවරෙන බවද ඔහු පෙන්වා දුන්නා.