Thursday, March 28, 2024

General line - 0115112241

ජපාන අගමැති ඉන්දියාවට




ජපානයේ අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඉන්දියාවට පැමිණ තිබෙනවා. ඒ දෙදින නිල සංචාරයක් සඳහායි. දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සිදු කෙරෙන ජපාන අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඉන්දීය සංචාරයේදී ඔහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට ද නියමිතයි.

එහිදී කලාපීය අර්බුද සහ යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජපාන අග්‍රාමාත්‍යවරයා සිය ඉන්දීය සංචාරය අතරතුර ඉන්දු - පැසිෆික් උපාය මාර්ග සම්බන්ධයෙන් දේශනයකට ද සහභාගී වීමට නියමිතව තිබෙනවා.  

ඉන්දියාවේ රැඳී සිටින කාලය තුළ ජපාන අග්‍රාමාත්‍යවරයා නිදහස් හා විවෘත ඉන්දු - පැසිෆික් කලාපයක් සඳහා නව සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ජපාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ.

එමෙන්ම ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩාගේ මෙම සංචාරය සිදුවන්නේ ජපානය මෙවර G7 කණ්ඩායමේ සභාපතිත්වයත්, ඉන්දියාව G20 කණ්ඩායමේ සභාපතිත්වයත් දරණ පසුබිමක් තුළයි.