Tuesday, April 23, 2024

General line - 0115112241

පකිස්තානයේ IMF ණය පහසුකම තවත් කල්යන ලකුණු




පකිස්තානය අපේක්ෂාවෙන් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම හිමිවීම තවත් කල් යනු ඇතැයි වාර්තා පළ වනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඇතැම් තාක්ෂණික හේතූන් මත පකිස්තානය ඉල්ලා සිටින ණය පහසුකම ප්‍රමාවෙමින් ඇති බවයි.

පකිස්තානයේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන පිළිබඳ සම්මුතියක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටළු ද IMF ණය වැඩසටහන අනුමතවීමට බලපෑම් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින පකිස්තානය මේවනවිට සිටින්නේ ආර්ථිකය කඩා වැටීම අභියසයි. අඛණ්ඩව ඉහළ යන උද්ධමනය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වයන්ගෙන් මිදීම සඳහා පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.1 ක ඉක්මන් ණය වාරිකයක් අපේක්ෂාවෙන් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.  

එය ලැබිමට නියමිතව තිබුණේ ඉකුත් නොවැම්බර් මාසයේදී වුවත් රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ ඊට බාධා එල්ල වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන සම්පූර්ණ ණය සහනය අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක්.