Saturday, April 20, 2024

General line - 0115112241

රාහුල් ගාන්ධිට වසර 2ක සිර දඬුවමක්




සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන් ඉන්දියාවේ විපක්ෂ නායක, කොංග්‍රස් පක්ෂ සාමාජික රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ, 2019 පැවැති මහ මැතිවරණයට අදාළ ප්‍රචාරක රැලියකදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාළවයි. 

එම නඩු විභාගයේදී රාහුල් ගාන්ධි ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණය විසින් වරදකරු ලෙස ප්‍රකාශ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. කෙසේවෙතත් අධිකරණ තීන්දුව අනුව රාහුල් වහාම බන්ධනාගාර ගත කර නැහැ.

අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා රාහුල් ගාන්ධි හට දින 30ක කාලයකට ඇප ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.