Thursday, April 18, 2024

General line - 0115112241

හිර ගෙදරට ගිය රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු පුටුවත් නැතිවෙයි




ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ගේ මන්ත්‍රී පදවිය අත්හිටුවීමට එරට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ, ඔහු අධිකරණයෙන් වරදකරු කිරීම හේතුවෙන්.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ට අපහාස කර ඇති බවට එරට පහළ අධිකරණයක් මගින් රාහුල් ගාන්ධි ඊයේ වැරදිකරු බවට නියෝග කෙරුණා. ඒ අනුව ඔහුට වසර දෙකක සිර දඬුවමක් පැනවීමටයි නියෝග කෙරුණේ. එම නියෝගය පදනම් කරගෙනයි රාහුල් ගාන්ධිගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත්හිටුවා ඇත්තේ.

2019 වසරේ පැවති ප්‍රචාරක වැඩසටහනක් අතරතුර රාහුල් ගාන්ධි නරේන්ද්‍ර මෝදිට අපහාස කළ බවට චෝදනා එල්ල වුණා. ඒ,”බොහෝ හොරුන්ට මෝදී” යන නම ඇති බව පැවසීම හේතුවෙන්.